ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන "ප්‍රජා ශක්ති 2026 – ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන යටතේ කටුගහගල්ගේ වසමේ කෝන්ගහවැව දකුණු ඇල අවසානයේ පිට ඇළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද දින ගරු නියෝජ්‍ය අමාත්‍ය R. M. Jayawardhana මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. එමෙන්ම, ✅ මඩුගස්මුල්ල වසමේ උඩවෙල හැවන්අරාව යායේ ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හා ✅ තේරප්පහුව වසමේ කොළණිය යායේ ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහාද අද දින වැඩ ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘති මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල කළමනාකරණය වැඩිදියුණු කරමින් ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට සහ ග්‍රාමීය සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
ග්‍රාමීය සංවර්ධනයට නව ජවයක් – ජනතා සහභාගීත්වයෙන් ශක්තිමත් වන ප්‍රජාවක්!






















