ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
ව්‍යාපාර නාම ලියාපදිංචිය
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
Overview
අපගේ දැක්ම
"සමස්ථ කාර්ය මණ්ඩලයේ දැනුම, ආකල්ප හා කුසලතා, ප්‍රසන්න පරිසරයක් තුළ ප්‍රවර්ධනය කරමින් වඩාත් ජනහිතකාමි, ඵලදායි පොදු ජන සේවාවක් සැපයීමෙන් සිරිලක පූර්වාදර්ශි රාජ්‍ය ආයතනය බවට පත් වීම".
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම,තිරසාර, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.".
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විකාශනය
වර්ෂ 1974 දී බඩල්කුඹුර, බදුල්ල පාර, 10 කණුව එච්.එම්.ගුණසේකර මහතාට අයත් කුලී නිවසක බඩල්කුඹුර ආදායම් පාලක නිලධාරී කාර්යාලය නමින් කාර්යාලයක් ආරම්භ කරන ලදි. එහි ආදායම් පාලකවරයා වශයෙන් එච්.බී.බාලසූරිය මහතා කටයුතු කරන ලදි. ආහාර මුද්දර (කූපන් පොත්) බෙදා දීම, ගිණි අවි බලපත්‍ර නිකුත් කිරීම, දිසාපතිවරයාට ඉඩම් හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තොරතුරු හා වාර්තා ලබා දීම, එකල මෙම කාර්යාලයේ ප්‍රධාන රාජකාරී විය. එවකට දුරකථන පහසුකම් නොතිබුනු හෙයින් තැපෑල එකම සන්නිවේදන මාධ්‍යය විය.
1980 වර්ෂයේදී උප දිසාපති කාර්යාලයක් බවට පත් කරන ලදි. එහි උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) වශයෙන් තිස්ස කේ.වර්ණසූරිය මහතා කටයුතු කරන ලදි.
1988 වර්ෂය වන විට ආර්.එම්.තිසාහාමි මහතාට අයත් කුලී නිවසක කාර්යාලය පවත්වාගෙන යනු ලැබූ අතර, එය භීෂණ සමයේදී ගිණිතබා විනාශ කරන ලදි. එසේ විනාශවීමෙන් අනතුරුව, බඩල්කුඹුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යන ලදි.
වර්ෂ 1990 වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් රජයට පවරා ගෙන දැනට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල ඉදි කිරීම අරඹන ලදි. 1990/08/23 දින මෙම ගොඩනැගිල්ල විවෘත කරන ලදි. එවිට ආර්.ධර්මසිරි පියසේන මහතා ප්‍රාදේශීය ලේකම්වරයා වූ අතර, එස්.බී.එන්.මන්ත්‍රීපාල මහතා මොනරාගල දිසාපතිවරයා විය.
බඩල්කුඹුර කොට්ඨාශයේ සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
| නම |
තනතුර |
සේවා කාලය |
|
එච්.බී. බාලසූරිය මහතා |
අදායම් නිලධාරි |
1974.07.12 – 1976 |
|
එස්.ඒ. සිරිසේන මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1976 – 1977 |
|
තිස්ස කේ. වර්ණසූරිය මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1977.01.01 – 1979.06.30 |
|
ඩබ්.එම්. විජේසූරිය මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1979.07.01 – 1981.11.01 |
|
විමල් වීරකෝන් මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1981.11.02 – 1984.01.01 |
|
ඩබ්.ඒ. විජේරත්න මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1984.01.02 – 1989.12.31 |
|
ආර්. ධර්මසිරි පියසේන මහතා |
උප දිසාපති (ආණ්ඩුවේ සහකාර ඒජන්ත) |
1990.01.01 – 1992.08.16 |
|
ඒ.එස්. කළුආරච්චි මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1992.08.17 – 1995.01.01 |
|
ඒ. කුලතුංග මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1995.01.02 – 1996.02.01 |
|
එස්.ඩී. කීර්තිසිංහ මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1996.02.02 – 1999.07.18 |
|
එච්.එම්. විජේසේන මහතා (වැ.බැ.) |
ප්‍රාදේශීය ලේකම් |
1999.07.19 – 2000.01.31 |
|
ජී.ඒ.සී. ද සිල්වා මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2000.02.01 – 2001.11.26 |
|
ටී.බී.එම්. අතපත්තු මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2001.11.28 – 2006.05.17 |
|
ඩී.එම්. කරුණාරත්න මහතා (වැ.බැ.) |
ප්‍රාදේශීය ලේකම් |
2006.05.21 – 2006.10.31 |
|
ඩබ්.එස්.අයි. විජේසේකර මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2006.11.01 – 2008.11.22 |
|
ටී.පී. අනුර හේමකුමාර මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2008.12.01 – 2010.07.28 |
|
ආර්.එම්.ජේ.සී. රත්නායක මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2010.08.05 – 2013.01.31 |
|
ජී.යු.කේ. අල්ගේවත්තගේ මහතා (වැ.බැ.) |
ප්‍රාදේශීය ලේකම් |
2013.02.01 – 2013.03.07 |
|
කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2013.03.18 - 2017.12.03 |
| කේ.ප්‍රගීත් කුලතිලක මහතා (වැ.බැ.) | ප්‍රාදේශීය ලේකම් |
2017.02.05 - 2018.08.02 |
| කේ.ප්‍රගීත් කුලතිලක මහතා | ප්‍රාදේශීය ලේකම් |
2018.08.03 - 2019.02.01 |
|
කේ.ප්‍රගීත් කුලතිලක මහතා(වැ.බැ.) |
ප්‍රාදේශීය ලේකම් | 2019.02.01 - 2019.04.03 |
|
එන්.ජී.එම්.එස්. කුමාර මහතා |
ප්‍රාදේශීය ලේකම් | 2019.04.03 - 2022.11.23 |
| කේ.වී.ඩී.සී. විමලසිරි | ප්‍රාදේශීය ලේකම් |
2022.11.25 - මේ දක්වා |
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම
මොනරාගල දිස්ත්‍රික්කයේ බටහිරට මායිම්ව පිහිටා ඇති බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමෙන් හා බදුල්ල දිස්ත්‍රික් මායිමෙන්ද දකුණින් බුත්තල වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම් වලින්ද නැගෙනහිරින් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා බටහිරින් බදුල්ල පරිපාලන දිස්ත්‍රික්ක මායිමෙන්ද සීමාවූ මොනරාගල මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙන් එකකි.
මුහුදු මට්ටමින් අඩි 500 ක් උස් වූ දකුණ නැගෙනහිර ගංගාධාර ප්‍රදේශයේ සිට බටහිර මායිමට අඩි 4800 ක් දක්වා උස්වූ නමුණුකුල පින්ගරාව කඳු දක්වා වූ රැලි කඳු සහ දළ බෑවුම් සහිත භූ දර්ශනයකින් සමන්විත වේ.
ප්‍රදේශයෙන් ඇරඹෙන අතු ගංගා රාශියකින් පෝෂිතව ප්‍රදේශය හරහා දකුණු දෙසට ගලා බසිනා මැණික් ගඟ හා ප්‍රදේශයේ උතුරු හා නැගෙනහිර මායිම් ඔස්සේ දකුණු දෙසට ගලා බසිනා කුඹුක්කන් ඔයද ගංගාවන් අතර ප්‍රධාන තැනක් ගනී. සුළං මඟින් ප්‍රදේශයට වාර්ෂිකව අගල් 45 - 80 අතර වර්ෂාපතනයක් ලැබේ.
වාර්ෂික උෂ්ණත්වය දකුනේ තැනිතලා ප්‍රදේශයේ 36 ◦ සිට බටහිර හා වයඹ උස්බිම දෙසට 21 ◦ දක්වා වෙනස් වේ.
කෘෂි කාර්මික වශයෙන් මිශ්‍ර බෝග රටාවක් පෙන්නුම් කලද වාණිජ බෝග වගාවට ප්‍රසිද්ධියක් උසුලයි. අපනයන කෘෂිකර්ම බෝග වන ගම්මිරිස්, රබර් ප්‍රධාන තැනක් ගන්නා අතර කොකෝවා, කුරුදු හා තේ වැනි බෝගයන්ද දක්නට ලැබේ.
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික පසුබිම
ශ්‍රී ලංකාව දේශීය සහලින් ස්වයංපෝෂිතව පැවති පොලොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජු මෙම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස අතරින් එකක් වන අලුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අලුපොත ඓතිහාසික ග්‍රාමයේ උපත ලද බැව් ඉතිහාසයේ ලියවී ඇති අතර එම රජුන් විසින් එකල කරවන ලද බොහොමයක් වැව් අමුණු අද නටඹුන් අතරට පත්ව ඇත. එපමණක් නොව මාගම්පුර සිට අනුරාධපුරය දක්වා වූ පුරාණ මාර්ගය මෙම ප්‍රදේශය හරහා වැටී තිබීම ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම විදහා දක්වයි.
තවද කොට්ඨාසයේ පුරාවට පිහිටා ඇති බොහොමයක් වෙහෙර විහාරවල ආරම්භය පිරික්සීමේදි එම වෙහෙර විහාර එකල ලංකාදීපය තුළ කලින් කල රජකල රජුන් විසින් කරවන ලද ඒවා නිසා එම වෙහෙර විහාර රජමහා විහාර ලෙස නම්කර ඇති අතරම ඒවා කරවන ලද රජුන්ගේ නමින්ද එම වෙහෙර විහාර නම්කර ඇත. නිදසුනක් වශයෙන් බඩල්කුඹුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති පැරකුම්බාරාමය ඒ නමින් නම් කර ඇත්තේ පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද්දක් නිසා බව ඉතිහාසය පිරික්සිමේදි අනාවරණය කර ගත හැකිය.
මෙවන් වූ ඉතිහාසයකට හිමිකම් කියන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 41 කින් හා ගම්මාන 231 කින් සමන්විත වන අතර හෙක්ටයාර් 25480.01 සමන්විත භූමි ප්‍රදේශයක් තුළ බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ව්‍යාප්තව ඇත.
වාර්ෂික වර්ෂාපතනය හා උෂ්ණත්වය සවිස්තරාත්මකව
මෙම කොට්ඨාසයේ වාර්ෂික වර්ෂාපතනය කෘෂි දේශගුණික කලාප තුනකට බෙදා දැක්විය හැකිය. අඟල් 40 ත් 45 ත් දක්වා සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර එය අන්තර් මාධ්‍ය පහතරට දේශගුණික කලාපය ලෙසද, වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 45 ත් 55 ත් අතර ප්‍රදේශය අන්තර් මාධ්‍ය මැදරට කලාපය ලෙසද, සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 55 ට වැඩි ප්‍රදේශය අන්තර් මාධ්‍ය උඩරට දේශගුණික කලාපය ලෙසද, හදුන්වා දිය හැකිය.
අන්තර් මාධ්‍ය මැදරට දේශගුණික කලාපයට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 60% ක පමණ ප්‍රදේශයක්, 35% ක පමණ ප්‍රදේශයක් අන්තර් මාධ්‍ය පහතරට කලාපයටද, අන්තර් මාධ්‍ය උඩරට දේශගුණික කලාපයට 5% ක පමණ ප්‍රදේශයක්ද අයත් වේ.
මෙම කොට්ඨාසයේ දකුණු කොනෙහි පහත් බිම් ප්‍රදේශයේ අඟල් 40 ත් 45 අතර අඩු වාර්ෂික වර්ෂාපතනයක් ලබන අතර , බටහිර කොටසට අයත් කඳු ප්‍රදේශය අඟල් 55 ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ලබයි. වර්ෂාපතන ව්‍යාප්තිය අනුව ඔක්තොම්බර් සිට ජනවාරි දක්වා මහ කන්නය තුළ වර්ෂයේ වැඩිම වර්ෂාපතනයක් ඊසාන දිග සුළඟින් ලැබේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වාර්ෂික මාධ්‍ය උෂ්ණත්වය ඒකාකාරි ව්‍යාප්තියක් නොදක්වන අතර, වාර්ෂික උෂ්ණත්වය දකුනේ තැනිතලා ප්‍රදේශයේ 36 ◦ සිට බටහිර හා වයඹ උස්බිම දෙසට 21 ◦ දක්වා වෙනස් වේ.
Registrar Division
| කොට්ඨාශය | නම | තනතුර | ලිපිනය | දුරකථන අංකය | |
| බඩල්කුඹුර | ![]() |
ඩී.එම.පී. රංජනී මිය | උප්පැන්න/ විවාහ/ මරණ රෙජිස්ට්‍රාර් | 12 කණුව, පුස්සැල්ලාව, බඩල්කුඹුර | +94 553 562 331 +94 778 342 643 |
| කඳුකර | ![]() |
කේ.එම්. අතුලසේන බංඩාර මයා | විවාහ රෙජිස්ට්‍රාර් | කොරලේවලව්ව, බඩල්කුඹුර |
+94 552 250 361 +94 773 882 323 |
| කොටමුදුන | ![]() |
කේ.එම්. නයනා ප්‍රියදර්ශනි මිය | උප්පැන්න/ විවාහ/ මරණ රෙජිස්ට්‍රාර් | රණුගල්ල, කොටමුදුන, පස්සර |
+94 553 597 888 +94 776 678 084 |
| අලුපොත | පී.එම.එම්. ජවාහීර් මයා | විවාහ රෙජිස්ට්‍රාර් | අලුපොත, බඩල්කුඹුර | +94 771 306 499 | |
| දිස්ත්‍රික් | එම්.සී.එම්. රෆායිඩීන් මයා | ක්වාසි | අලුපොත, බඩල්කුඹුර | +94 552 250 061 |
සමෘද්ධි කොට්ඨාස
අවසන් යාවත්කාලීන දිනය :2026.07.01







































































