වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 

2026 වෙසක් පෝය දින නිමිත්තෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද බොදු බැති ගී වැඩසටහන බඩල්කුඹුර නගරයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බඩල්කුඹුර පොලිස් ස්ථානය, බඩල්කුඹුර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, බඩල්කුඹුර දිසා රෝහල, බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව, වෙළෙඳ ප්‍රජාව සහ මුස්ලිම් සහෝදරත්වය එක්ව බැති ගී ඉදිරිපත් කරමින් වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික අර්ථය තවදුරටත් ඔපවත් කළහ. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් පැමිණි සැම වෙනුවෙන් කඩල දන්සලක් සංවිධානය කරමින් දානමය පුණ්‍යකර්මයකටද දායකත්වය ලබා දෙන ලදී.

newaevent vesak

පුවත් සහ සිදුවීම්

09
ජූනි2026
ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ...

09
ජූනි2026
වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

 වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 ...

Scroll To Top